Poems

සංචරණී ගේ පිලිතුරු කවිය

 මගේ පුංචි මැයි මාර ළමයෝ, 


ඔබ නොදන්නවා උනාට 

මමත් එදා බලන් හිටියා.


තුත්තිරි මල් යාය මැදින්

හැමදා මා ඇවිදින විට 

රතට රතේ හැමදාමත් 

බබලන මැයි මල් විස්මය

වැලි ඇතිරූ මාවත මත

නැවතී විඳිනා හදවත,

හැමදාමත් බලන් හිටිය රහසේ ඔබ හමුවන්නට.


මැයි මල් ගස පිරී තිබුණු

රතට රටේ බබලන මල්

වාරෙ අවාරේ අමතක

වී ගස මත බබලන විට, 

හැමදාමත් හිතේ කොනක 

හටගත් ඒ සිතිවිල්ලට 

පිළිතුරු පද පබඳින්නට ඔබ සිටියේ නෑ තනියට.


හැම උදේම මල් මාවත

දිගේම මා පැමිණෙන විට 

ඔබෙ ඇස් මා පසුපස බව

දැනුනා මට හැම මොහොතේම. 

ඒ හැඟීම තුරුලට ගෙන 

හිනැහෙන විට මා තනිවම,

මැයි මාර ත් හිනැහුනානෙ මාත් එක්ක මගෙ තනියට. 


ඔබ නොදන්නවා උනාට 

ඔබේ සුවඳ හිත මත ගෙන 

හැමදාමත් මග බලාන 

මා හිටියා මාවත ලඟ.

ඒ සිතිවිලි සුවඳ දරා

ජීවිතයේ මිහිර සොයා

ආවේ මම නුඹව සොයා තුත්තිරි මල් දෝත දරා.


ඔබ නොදන්නවා උනාට 

මැයි මාර ත් බලන් හිටිය 

හමුවෙන තුරු මට මගෙ හිරු.


වාරෙ අවාරේ පිපි මල්

සේ අදටත් මගේ හිතේ

ඔබ හිඳිනා බව සත්තයි නවතින තුරු හුස්ම මගේ.


හැමදාමත් සසර මගේ

හමුවී, වෙන්වී නොයන්න 

උපදින මතු හැම භවයෙම, 

තුත්තිරි මල් මිටත් අරන්

මැයි මල් ගස යටට එන්න.


මම ඔයාගෙම සංචරණී. 


 Nadee 





2 comments:

  1. Wonderful creation Hansanee, Keep it up!

    ReplyDelete
  2. හැමදෙනම විඳ ඇති නිම නොවන විශ්මය!

    ReplyDelete

My Hospital Diaries

 On May 17th 2026 I had to get admitted to hospital due to high fever and a high CRP in my body. I had to be there until 21st May 2026. I ac...